Gossips

බාබුල් කාපු දුම්රිය මගියෙකු ජිවිතක්ෂයට

හැටන් දුම්රිය ස්ථනයේ සිට කොළඹ දක්වා ගමන් කිරිමට (10) රාත්‍රි හැටන් දුම්රිය ස්ථනයට පැමිනි මගියෙකු හැටන් දුම්රිය ස්ථනයේදි ජිවිතක්ෂයට පත් වූ බව හැටන් පොලිසිය පවසනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සුප්පයියා මර්දන් සිවලිංගම් නැමති 48 හැවිරිදි තිදරු පියෙක්.
මරණකරු ඔහුගේ පවුලේ අය සමග හැටන් ප්‍රදේශයේ ඥති නිවසකට පැමිණ රාත්‍රි තැපැල් දුම්රියෙන් කොළඹ කොටුව දක්වා යාමට හැටන් දුම්රිය ස්ථනයට පැමිණි අවස්තාවේ හැටන් දුම්රිය ස්ථනයේ වේදිකාවේ අසුන්ගෙන සිටියදි ඔහු ජිවිතක්ෂයට පත් වි ඇති බවයි හැටන් පොලිසිය පවසන්නේ.
මරණකරුගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යය ඉනෝකා රත්නායක විසින් ඊයේ (11) පැවැත්වු අතර , එහිදි අධිකරණ විශේෂඥ වෛද්‍යයවරිය විසින් මෙම මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ බාබුල් නැමති මත් බුලත් විට කැම නිසා එම බුලත් විට ස්වසානාලයේ සිර විමෙන් මෙම මරණය සිදු වි ඇති බවයි.
මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය පැවැත් වු හැටන් නගරයේ හදිසි මරණ පරික්ෂක ෆසිර් මොහොමඩ් හැටන් පොලිසියට උපදෙස් දි ඇත්තේ හැටන් නගරයේ ද පාසල් ළමුන් ඇතුළු තරුණයන් ඉලක්ක කර ගනිමින් ඇතැම් වෙළදසැල්වල මෙම බාබුල් නැමති මත් බුලත් විට ඉතා සූක්ෂම ලෙස අලෙවි කරන බැවින් එම බුලත් විට කැමෙන් පාසල් ළමුන් සහ තරුණයන් මුදාවා ගැනිමට ක්‍රියා කරන ලෙසයි.