Gossips

බාධක මැද රැගෙන ආ දේහය

ලෝකාන්තයෙන් පහළට ඇදවැටී මියගිය ජර්මන් කාන්තාවගේ මළ සිරුර ‍අද අලුයම බලංගොඩ රෝහලට රැගෙන ආවා.
සිරුර රැගෙන එනු ලැබුවේ යුද හමුදාව සහ වනජීවි නිලධාරීන් සිදු කළ දින 2ක මෙහෙයුමකින් පසුවයි.
ජූලියා එල්ගා නැමති 35 හැවිරිදි තරුණිය ඡායාරූපයක් ගැනීමට යාමේදී ලෝකාන්තයෙන් පහළට ඇද වැටුණේ පසුගිය 11 වැනිදා පෙරවරුවේදීයි.
පසුව ඇය සොයා යුද හමුදාව මෙහෙයුම් ආරම්භ කළ අතර පෙරේදා දහවල් කාලයේදී ඇගේ සිරුර වැටී ඇති ස්ථානය සොයා ගැනීමට හැකිව තිබෙනවා.
ඒ අනුව යුද හමුදාව සහ වනජීවි නිලධාරීන් එක්ව මෙහෙයුමක් දියත් කර තිබුණේ සිරුර රැගෙන ඒම සඳහායි.