බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිටි ගිවිසුම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ඡන්ද විමසීමේදී අගමැතිනී තෙරේසා මේ, දරුණු පරාජයකට මුහුණ දී තිබෙනවා.
ගිවිසුමට විරුද්ධව ඡන්ද 432ක් ලැබී ඇති අතර, පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 202ක් පමණයි.
මෙම ඡන්ද විමසීමෙන් පසුව එරට විපක්ෂ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබන් විසින් තෙරේසා මේ,ගේ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එහි ඡන්ද විමසීම ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පැවැත්වෙනවා.
විශ්වාසභංග යෝජනාවෙන් තෙරේසා මේගේ රජය පරාජයට පත්වුවහොත් මහමැතිවරණයක් පැවැත්විය යුතු වනවා.
