Gossips

බ්‍රිතාන්‍ය සහ ඉතාලි කඳු නඟින්නන් දෙදෙනා නන්ගා – ප්‍රබාත් කඳු මුදුනේදී සේයා වෙයි

ලොව දක්ෂතම කඳු නඟින්නෙකු ලෙස සැළකෙන බ්‍රිතාන්‍යයේ ටොම් බලාඞ් සහ ඉතාලි ජාතික ඩැනියෙල් නාඩි පාකිස්ථානයේ නන්ගා – ප්‍රබාත් කඳු මුදුනේදී සේයාවන් බවට පත්වී ඇති බව වාර්තාවනවා.
ලොව 9 වන උසම කඳු ශිඛරය වූ නන්ගා – ප්‍රබාත් කඳු මුදුනේදී ඔවුන් මීට සති දෙකකට පෙර අතුරුදන්වී තිබුණා. ශීත ඍතුවේදී තරණය කිරීමට අතිශයින් දුෂ්කර මෙම කඳු ශිඛරය හැඳින්වෙන්නේ මරණීය ශිඛරය ලෙසයි.
අතුරුදන්වූ ඔවුන් සොයා සිදුකළ මෙහෙයුමේදී නන්ගා – ප්‍රබාත් හි අඩි 20,700 ක් උස ප්‍රදේශයක මිනිස් හැඩැති සේයාවන් ලෙස ඔවුන්ගේ සිරුරු දිස්වූ බවයි කඳු නගින්නන් ප්‍රකාශ කර ඇත්තේ.
මෙහිදී මියගිය ටොම් බලාඞ්ගේ මවද ලොව උසම කඳු ශිඛරය වන කේ – 2 තරණය කොට නැවත පැමිණෙමින් සිටියදී 1995 වසරේදී ජීවිතක්ෂයට පත්වුනා. ආධාරයකින් තොරව හිමාලය කඳු මුදුන තරණය කළ ප්‍රථම කාන්තාවද ඇයයි.