Gossips

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉල්ලා අස්වෙයි

බෝරිස් ජොන්සන්, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ධුරයෙන් ඊයේ ඉල්ලා අස්වූ අතර, ඒ වෙනුවට මෙතෙක් සෞඛ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ජෙරමික් හන්ට්, අගමැතිනී තෙරේසා මේ, විසින් පත් කර තිබෙනවා.
ජනමත විචාරණයේ ප්‍රතිඵලය අනුව බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීම ලබන වසරේ මාර්තු 29 වන දා සිදුකිරීමට නියමිතයි.
ඉන් අනතුරුව බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර සබදතා පවත්වා ගත යුතු ආකාරය පිළිබද මතභේද හේතුවෙන් මෙලෙස තෙරේසා මේ,ගේ රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා අස්වුණා.
බ්‍රික්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම පිළිබදව කටයුතු කරන ඩේවිඩ් ඩේවිස් ද ඊට ඇතුළත්.