Gossips

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් යාපනයේ සංචාරයක

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (21) යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරතව තිබෙනවා.
මෙම නියෝජිත පිරිස යාපනය ආරක්ෂක සේනා ආඥාපති දර්ශන හෙට්ටිආරච්චි සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතිබවයි අප වාර්තාකරු පැවසුවේ.
එහිදී යාපනය දිස්ත්‍රීක්කයේ පවතින ආරක්ෂක තත්වය හා යුද හමුදාව විසින් සිදු කරනු ලබන සංවර්ධන හා සංහිදිය වැඩසටහන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය නියෝජිතයින් පිරිස දැනුවත් කිරීමට යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා පියවර ගෙන තිබෙනවා.
මේ අතර බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිස දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක්ද හමුවී තිබෙනවා.