Gossips

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් උතුරේ සංචාරයක

උතුරේ සංචාරයක නිරත මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩොරිස් වව්නියාව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ හමුවී ඊයේ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ යුද්ධයෙන් පසු රජය විසින් උතුරේ සිදුකරගෙන යන සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සතුටට පත්විය හැකි බවයි.
නැවත පදිංචිවූවන් වෙනුවෙන් ලබාදෙන පහසුකම් සදහා තම රජය ද උපරිම සහය ලබාදීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා කියා සිටියා.
වව්නියාව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2397 ක් වෙන් කර තිබෙනවා.
ඒ යටතේ සංවර්ධන ව්‍යාපෘති 15,106 ක් ක්‍රියාවට නංවා ඇති බවයි මෙම සාකච්ඡාවේදී වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩොරිස් වෙත දැනුම්දී ඇත්තේ.