බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ගිවිසුම සම්බන්ධයෙන් තවත් ඡුන්ද විමසීමක් එරට පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙනවා.
අගමැතිනී තෙරේසා මේ, මෙලෙස සිය යෝජනාවලිය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටින්නේ එය දෙවරක් පරාජයට පත් වීමෙන් අනතුරුවයි.
එම පරාජයන්ගෙන් අනතුරුව බ්‍රික්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතුවල බලය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගත්තා.
කෙසේ නමුත්, අගමැතී තෙරේසා මේ යළි ඉදිරිපත් කරන යෝජනාවලිය ජයග්‍රහණය කළහොත් ඒ සඳහා වූ බලය ඇයට යළි හිමි වනු ඇති.
එහෙත් එහිදී ලබන පරාජයක් බ්‍රිතාන්‍ය අගමැතිනියට තනතුරෙන් ඉල්ලා අස්වීමට පවා මඟ සකසනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.