Gossips

බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු මරුට

බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මියගොස් ඇති අතර, තවත් ක්‍රීඩකයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළා.
මෙලෙස මියගිය රග්බි ක්‍රීඩකයාගේ වයස අවුරුදු 26 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
පසුගිය 10 වනදා ක්‍රීඩකයන් 22 කුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔවුන් පසුගිය 12 වනදා කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති සුහද රග්බි තරගාවලියකට සහභාගිවී එහිම පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකටද එක්ව තිබෙනවා.
පසුව ඔවුන් නැවතී සිටි සංචාරක හෝටලයට පැමිණ නැවත කොල්ලූපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලාවකට ගොස් විනෝද වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඊයේ අලූයම මෙම ක්‍රීඩකයන් දෙදෙනා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙලීම හේතුවෙන් හෝටල් කළමනාකාරීත්වය විසින් රෝහල් ගත කරනු ලැබුවා.