Gossips

බ්‍රිතාන්‍ය අගමැතිනිය විශ්වාසය දිනාගනී

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ යෝජනාවෙන් ඇය ජයග්‍රහණය කර තිබෙනවා.
ඇයට පක්ෂව ඡුන්ද 200 ක් ලැබී ඇති අතර, විපක්ෂව ලැබී ඇත්තේ ඡුන්ද 117 ක් පමණයි.
ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ තවත් වසරක් යනතුරු ඇයගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නැහැ.
සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තෙරේසා මේ ප්‍රකාශ කළේ යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් ගිවිසුම මෙම ජයග්‍රහණය හරහා අනුමත වන බවයි.
තෙරේසා මේගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඇය නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂයේම මන්ත්‍රිවරුන් පිරිසක්.