Gossips

බ්‍රිතාන්‍ය අගමැතිනියට විශ්වාසභංගයක්

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ඇගේ ක්‍රියාකලාපය මුල් කරගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, මෙරට වේලාවෙන් හෙට අලූයම ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
මෙම විශ්වාසභංගය තෙරේසා මේ ජයගතහොත් වසරක් ගතවනතුරු ඇගේ නායකත්වයට අභියෝග කළ නොහැකි අතර, විශ්වාසභංගයෙන් පරාජයට පත්වුවහොත් නැවත කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට ඇයට තරග කළ නොහැකිවනවා.