Gossips

බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා රනිල් ජයවර්ධන

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය අගමැතිනිය වන තෙරේසා මේ ගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා ලෙස නම් කර තිබෙනවා.
දැනට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ඔහු ලබන 15 වනදා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත බවයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.
එහිදී ඔහු ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර, වෙළඳාම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.