Gossips

බ්‍රිතාන්‍යය වෙන්වීමට යුරෝපා සංගම් නායකයන්ගේ අනුමැතිය

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ කොන්දේසි ඇතුළත් බ්‍රික්සිට් ගිවිසුමට යුරෝපා සංගම් නායකයන්ගේ අනුමැතිය හිමි වූ බව එහි ප්‍රධානී ඩොනල්ඩ් ටස්ක් ප්‍රකාශ කළා.
ගිවිසුමට අත්සන් තැබීම සඳහා බ්‍රසල්ස් නුවරට පැමිණි බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, යුරෝපා කොමිසමේ සභාපති ජෝන් ක්ලෝඩ් ජුන්කර්, ද හමුවුණා.
යුරෝපා සංගම් නියෝජිතයන් කියා සිටියේ ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුවත් බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය පාර්ශවකරුවන් සහ මිතුරන් ලෙස සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවයි.
බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමට තීරණය කළේ 2016 වසරේ ජුනි 23 වන දා පැවති ජනමත විචාරණයේ ප්‍රතිඵලය අනුවයි.
දෙපාර්ශවය නිළ වශයෙන් වෙන්වීම ලබන වසරේ මාර්තු 29 වන දා සිදුවනු ඇති.