Gossips

බ්‍රිතාන්‍යයේ මෝටර් රථ කඩාවැදීමේ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පිටතින් පිහිටි ආරක්ෂක බාධක වෙත මෝටර් රථයක් කඩාවැදීමේ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකන බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරනවා.
බ්‍රිතාන්‍ය වේලාවෙන් අද පෙරවරුවේ සිදුවූ මෙම මෝටර් රථ කඩාවැදීමෙන් කිහිපදෙනෙකු තුවාල ලැබුවා.
ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබුණේ මෝටර් රථය හිතාමතා පාපැදිකරුවන් සහ මහමග ගමන් කළ පුද්ගලයන්ගේ ගැටීමට සළස්වා පසුව ආරක්ෂක බාධක වෙත පැදවූ බවයි.
එහි සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙතෙක් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කර නැහැ.