බ්‍රිතාන්‍යයේ ලන්ඩන් – ලූටන් ගුවන් තොටුපලේදී පසුගිය බදාදා අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයන් 04 දෙනා පොලිස් භාරයෙන් මුදාහැර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.
මෙට්රොපොලිටන් පොලිසිය මඟින් ඔවුන් අත්අඩංගුවට ගැනුණේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනාව යටතේයී.
බ්‍රිතාන්‍යයේ රැකවරණ පැතීමට පැමිණි බව සැලකෙන දෙමළ ජාතිකයන් වන මෙම පුද්ගලයන් 04 දෙනාම පසුගිය සිකුරාදා චෝදනා ගොනු කිරීමකින් තොරව මුදාහැර ඇති බව වාර්තා වනවා.
කෙසේ නමුත්, ඔවුන් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි බ්‍රිතාන්‍ය පොලිසිය සඳහන් කර ඇත්තේ.
