බ්‍රිතාන්‍යයේ – ලූටන් ගුවන්තොටුපලේදී එරට ත්‍රස්ත මර්දන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව වාර්තා වනවා.
බ්‍රිතාන්‍ය – ඩේලි මේල් පුවත්පත වාර්තා කර තිබුණේ පසුගිය බදාදා රාත්‍රියේ මෙම ශ්‍රී ලාංකිකයින් 4 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනාව මොවුන්ට එල්ල වී ඇති අතර, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට පත්වූවන් සම්බන්ධයෙන් මෙතෙක් මෙරට පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට තොරතුරු ලැබී නොමැති බවයි.
rn
