Gossips

බ්‍රිතාන්‍යයට හුදෙකලා තීරණයක් ගත හැකි බව යුරෝපා අධිකරණය කියයි

යුරෝපා සංගමයෙන් වෙන්වීමේ තීරණය ඉවත ලා නැවත ඊට සම්බන්ධවීමට අවශ්‍ය නම් බ්‍රිතාන්‍යයට ඒ සඳහා ඒකපාර්ශවික තීරණයක් ගත හැකි බව යුරෝපා අධිකරණය අද තීන්දු කළා.
ලක්සම්බර්ග් හිදී අද ප්‍රකාශයට පත් කළ පරිදි එවැනි තීරණයක් ගැනීම සඳහා බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ක් විමසීමක් කිරීම අවශ්‍ය වන්නේ නැහැ.
2016 වසරේ පැවති ජනමත විචාරණයේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යය ලබන වසරේදී යුරෝපා සංගමයෙන් වෙන්වීමට නියමිතයි.