Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු කැඳවීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ විරෝධතාවක් (ඡායාරූප)

පසුගියදා පැවති එල්.ටී.ටී.ඊ. හිතවාදී උද්ඝෝෂනයට සහ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි මෙරටට කැඳවීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට විරෝධතාව නිරතවුණා.
බ්‍රිතාන්‍යයේ පැවති එල්.ටී.ටී.ඊ. හිතවාදී උද්ඝෝෂණයක් අතරතුර හස්ත සංඥාවක් සිදුකිරීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳව පසුගියදා දැඩි කථාබහක් ඇතිවුණා. මුලින්ම වාර්තාවූයේ බ්‍රිගේඩියර්වරයා සාමාන්‍ය රාජකාරිවලින් ඉවත් කිරීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් පසුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ඔහු යළි සාමාන්‍ය රාජකාරි සඳහා අනුයුක්ත කරනු ලැබුවා.
යුද හමුදාව ප්‍රකාශ කළේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පරීක්ෂණයක් නොමැති බවයි.
මෙවැනි පසුබිමක් තුළදී බ්‍රිගේඩියර්වරයා යළි මෙරටට කැඳවනු ලැබුවා.
ඒ, යුද හමුදාපතිවරයාගේ උපදෙස් මතයි.
ඔහු එලෙස යළි කැඳවීම සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබෙන පසුබිමක යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වවුනියාවේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ ආරක්ෂාව පිළිබඳ සැළකිල්ලට ගෙන උපායශීලී පියවරක් ලෙස ඔහු මෙරටට ගෙන්වූ බවයි.
ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්, පසුගියදා පැවති එල්.ටී.ටී.ඊ. හිතවාදී උද්ඝෝෂනයට සහ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි කැඳවීමට එරෙහිව විරෝධතාවයේ නිරතවුණා.