Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිවයිනට ගෙන්වූ හේතුව යුද හමුදාපති පළමුවරට හෙළිකරයි

නිල කාලය අවසන් වීමට පෙර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිවයිනට කැදවූයේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බැලීමට බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසනවා.
වන්නි ආරක්ෂක සේනා 56 වන සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳව කතා බහක් ඇති වුණේ 70 වන නිදහස් දිනය යෙදුණු පෙබරවාරි 4 වනදා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට ගෙළ පෙන්වා සංඥාවක් සිදුකිරීමේ කිරීමේ සිද්ධිය හේතුවෙන්.