බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට කළ කැඳවීමකට අනුව ඔහු දිවයිනට පැමිණ තිබෙනවා.
හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ අද පස්වරු 12.33ට පමණ ලන්ඩනයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 504 දරණ යානයෙන් ඔහු ශ්‍රී ලංකාවට පැමිණි බවයි.
නිදහස් දිනය දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට ගෙළ පෙන්වා සංඥාවක් කිරීමේ සිද්ධිය හේතුවෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳව කතා බහක් ඇති වුණා.
පසුව ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ බව විදේශ අමාත්‍යාංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලත් පසුව ජනාධිපතිවරයාගේ නියෝගය මත ඔහු යලි එම රාජකාරිවල පිහිටුවනු ලැබුවා.