බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව විනිශ්චයක් ලබාදීමට එරට අධිකරණයට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ බව එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බවයි.
බ්‍රිතාන්‍යයේ විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය හරහා එමගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හිමි නිලධාරියෙකු බවයි.
එමෙන්ම ඔහු දැනට බ්‍රිතාන්‍යයේ රැඳී නොසිටින බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියා හිරු ප්රවෘත්ති අංශය වෙත මේ බව අනාවරණ කළේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් අධිකරණයෙන් ලබාදී ඇති තීන්දුව පිළිබදව හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදියි.
පසුගිය වසරේ නිදහස් දිනය දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට තර්ජනාත්මක සංඥාවක් කළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරදකරු කර ඇති බව ටැමිල් ගාඩියන් ඇතුළු දෙමළ වෙබ් අඩවි වාර්තා කළා.
දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් නඩුව ඉදිරිපත් කළ පබ්ලික් ඉන්ට්‍රස්ට් ලෝ සෙන්ටර් නැමැති රාජ්‍ය නොවන සංවිධානය ද ඒ බව සදහන් කර තිබෙනවා.
එමගින් කියා සිටියේ බ්‍රිගේඩියර්වරයා බ්‍රිතාන්‍ය සමාජයේ නීතිය හා සාමය සුරැකීමට අදාළ පනත යටතේ ඔහුට එරෙහිව නඩුව ක්‍රියාත්මක වූ බවයි.
ඒ සඳහා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට මෙරට විදේශ අමාත්‍යාංශය හරහා සිතාසි යැවූ බව ද එම නීති ආධාරක ආයතනය කියා සිටියා.
කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙත එවැනි සිතාසි ලබාදීමක් කිසිසේත් සිදුවී නොමැති බවයි.
එමෙන්ම රාජකාරී කටයුත්තක නිරත වූ ඔහු කිසිසේත්ම බ්‍රිතාන්‍යයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා නොකරන බව ද ඔහු අවධාරණය කළා.