Gossips

බ්‍රිගේඩියර් ගැන හිටපු ජනපති කියපු කතාව

ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් සැමරුමට එරෙහිව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී LTTE හිතවාදීන් පිරිසක් පසුගිය 4 වැනිදා උද්ඝෝෂණයක නිරත වූ අතර, එහිදී මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා උද්ඝෝෂකයින් ඉදිරිපිටදී අභිනයක් ඉදිරිපත් කරන ආකාරය සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා (06) සඳහන් ක‍ළේ අදාළ නිලධාරියාගේ සේවය අත්හිටුවන ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියට දැනුම්දී ඇති බවයි.
අදාළ නිලධාරියාගේ හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව පරික්ෂණයක් සිදුකරනු ඇති බවත්, එහි දක්වා තිබුණා.
මෙම සිද්ධියෙන් පසු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු එරට විදේශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඔවුන් එමගින් දක්වා ඇත්තේ එක්සත් රාජධානිය තුළ නිල මට්ටමේ අමුත්තෙකු ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර්වරයාගේ එම තර්ජනාත්මක හැසිරීම පිළිගත නොහැකි බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් ඊයේ දිනයේ විවිධ අදහස් පළ කළා.