බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ එකඟත්වයන් ඇතුළත් බ්‍රික්සිට් යෝජනාවලිය කල්දැමීම පිළිබද පාර්ලිමේන්තු ඡන්දය අද පැවැත්වෙනවා.
බ්‍රික්සිට් යෝජනාවලිය පිළිබද පාර්ලිමේන්තු ඡන්දය කල් දැමීමට අගමැතිනී තෙරේසා මේ, පසුගිය 11 වනදා තීරණය කළා.
එමෙන්ම බ්‍රිතාන්‍ය ගිවිසුමක් සහිතව යුරෝපා සංගමයෙන් ඉවත්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඊයේ එරට පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් පැවැත්වුණා.
එහිදී ගිවිසුමක් සහිතව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට ප්‍රකාශ කරමින් ඡන්ද 321 ක් ලැබුණු අතර, ගිවිසුමක් නොමැතිව ඉවත්විය යුතු බවට ඡන්දය දෙනු ලැබුවේ 278 ක් පමණයි.
කෙසේ නමුත්, යුරෝපා සංගමයේ අනෙකුත් සාමාජික රටවල් 27, බ්‍රික්සිට් ගිවිසුම යළි සාකච්ඡා කිරීමට සූදානම් නොමැති බව යුරෝපා කොමිසමේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
