Gossips

බ්‍රික්සිට් ගිවිසුම කල් දැමීමට යුරෝපා සංගමයේ අනුමැතිය

කලින් එකඟ වූ පරිදි මාර්තු 29 වන දා නොව ඉන් ඔබ්බට බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ගිවිසුම කල් දැමීමට යුරෝපා සංගමය එකඟ වී තිබෙනවා.
වෙන්වීමේ ගිවිසුම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් අනුමත කළහොත් ඒ සඳහා මැයි 22 වන දා දක්වා කල් ලබාදීමටයි යුරෝපා සංගමය එකඟ වූයේ.
එහෙත් එය තවදුරටත් මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කළහොත් අප්‍රේල් 12 වන දා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ නව දිනය වනු ඇති.