Gossips

බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයෙකු මත නව ගිනි කන්දක්

ඇමරිකානු නාසා ආයතනය මගින් අභ්‍යවකාශයට යැවූ ජූනෝ ගවේෂණ යානය එක්රැස් කරගත් දත්ත විශ්ලේෂණය කළ විද්‍යාඥයන් බ්‍රහස්පති ග්‍රහයාගේ ඉයෝ චන්ද්‍රයා මත මෙතෙක් හඳුනා නොගත් ගිනි කන්දක් නිරීක්ෂණය කර තිබෙනවා.
බ්‍රහස්පතිගේ සිව්වන විශාලතම චන්ද්‍රයා මෙන්ම ඝනත්වයෙන් වැඩිම චන්ද්‍රය වන ඉයෝ හි දකුණු ධ‍්‍රැවයට ආසන්නව මෙම ගිනි කන්ද පිහිටා ඇති බවයි නාසා විද්‍යාඥයන් ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් පසුගිය කාලය තුළ වොයේජර්, ගැලීලියෝ, කැසිනි සහ නිව් හොරයිසන්ස් අභ්‍යවකාශ ගවේෂණ යානා මගින් මෙම චන්ද්‍රයා මත පිහිටි සක්‍රීය ගිනි කඳු 150 ක් පමණ සොයාගෙන ඇති බව සඳහන්.