Gossips

බ්‍රහස්පතිගේ ජලය ඇති බව හෙළි කර ගනී

අප සූර්යග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහ ලෝකය වන බ්‍රහස්පතිගේ විශාල රතු ලපය තුළ ජලය පවතින බව නාසා විද්‍යාඥයන් අනාවරණ කරගෙන තිබෙනවා.
නාසා ආයතනයේ ජූනෝ ගවේෂණ යානය බ්‍රහස්පතිගේ එම දැවැන්ත රතු ලපය වැසී ඇති වලාකුළු නිරීක්ෂණයෙන් මෙම තොරතුරු අනාවරණ කරගෙන ඇති බව සදහන්.
ජූනෝ යානය මගින් එවන ලද තොරතුරු දත්ත විශ්ලේෂණය කළ ඇමරිකාවේ මේරීලෑන්ඞ් හි නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ එහි ගැඹුරු වලාකුළු වල ජලයේ රසායනික සංඝටක පවතින බවයි.
ඊට අමතරව, කාබන්මොනොක්සයිඞ් වැනි ඔක්සිජන් සහිත වායු එහි පවතින අතර, බ්‍රහස්පති ග්‍රහයා තුළ හිරුගේ මෙන් නව ගුණයක ඔක්සිජන් පවතින බව අනාවරණ වී ඇති කරුණක්.
බ්‍රහස්පති වටා පරිභ‍්‍රමණය වන චන්ද්‍රයන් බොහෝමයක් අයිස් වලින් වැසී පවතින අතර, බ්‍රහස්පති තුළ ජලය පැවතීමට එය ද සාක්ෂියක් ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
බ්‍රහ්සපති ග්‍රහයා තුළ කෙතරම් ජලය පවතින්නේ ද යන්න අනාවරණ කර ගැනීම නාසා විද්‍යාඥයන්ගේ මීළග ඉලක්කයයි.
එමගින් බ්‍රහස්පති නිර්මාණය වී ඇති ආකාරය හෙලිදරව් කර ගැනීමට හැකිවනු ඇති බව ඔවුන් විශ්වාස කරනවා.