Gossips

බ්‍රසීල ජාතිකයෙකුගේ උදරයෙන් කොකේන් ගුලි 60 ක් ඉවත් කරගැනේ (ඡායාරූප)

කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් ගිල පැමිණි බ්‍රසීල ජාතිකයෙකුගෙන් ග්‍රෑම් 500 ක පමණ එම මත්ද්‍රව්‍ය ඉවත් කරගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කටයුතු කර තිබෙනවා.
ඊයේ උදෑසන දෝහා කටාර් සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණි මෙම 30 හැවිරිදි බ්‍රසීල ජාතිකයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොකේන් ගුලි 60 ක් ඉවත් කරගැනීමට හැකිවූ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට ආසන්න බව සඳහන්.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සැකකරු අද දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.