Gossips

බ්‍රසීල ජාතිකයින් දෙදෙනාගෙන් පිටතට ගත් කොකේන්වල වටිනාකම කෝටි තුන ඉක්මවයි

ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතිකයන් දෙදෙනා ගිල දමා තිබූ කොකේන් ගුලි 153 ක් මේ වනවිට වෛද්‍යවරු විසින් පිටතට ගෙන තිබෙනවා.
එහි වටිනාකම රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පළමු සැකකරු ගිල දමන ලද කොකේන් ගුලි 88 ක් සහ දෙවන සැකකරු ගිල දමන ලද කොකේන් ගුලි 65 ක් පිටතට ගෙන ඇති අතර, එහි බර කිලෝ එකයි ග්‍රෑම් 400 ක්.
අවුරුදු 30 ක් සහ 24 ක් වයසැති මෙම බ්‍රසීල ජාතිකයන් දෙදෙනා ඊයේ සහ පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවේ දෝහා කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණී අවස්ථාවේදියි.
මොවුන් මේ වනවිට මීගමුව රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ සිටින බවද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.