Gossips

බ්‍රසීල ජාතිකයාගේ උදරයේ තවත් මත්ද්‍රව්‍ය කරල්

උපත් පාලන කොපු තුල බහා කොකේන් මත්ද්‍රව්‍ය ගිල දමා පැමිණීමේ දී අත්අඩංගුවට බ්‍රසීල ජාතිකයා ලබන මාර්තු මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අප වාර්තාකරු සඳහන් කළේ මෙම සැකකරු ගිල දමා තිබු තවත් කොකේන් අඩංගු මත්ද්‍රව්‍ය කරල් 14 ක් පිටතට රැගෙන ඇති බවයි.
එම පුද්ගලයා ඊයේ මීගමුව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මත්ද්‍රව්‍ය අඩංගු කරල් 45 ක් පිටතට ගැනුනා.
ඒ අනුව මේ වන විට සැකකරු ගිල දමා තිබු මත්ද්‍රව්‍ය අඩංගු කරල් 69 ක් පිටතට ගෙන ඇති අතර වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ තවත් මත්ද්‍රව්‍ය මෙම පුද්ගලයාගේ ආමාශයේ පවතින බවයි.
ඒ අනුව තවදුරටත් රෝහලේ තබාගෙන විරේක කටයුතු සිදු කිරීමටයි වෛද්‍යවරුන් පියවරගෙන ඇත්තේ.
සැකකරු පෙරේදා කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුනේ බ්‍රසීලයේ සිට දෝහා හරහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියදීයි.
සැකකරු ගිල දමා පැමිණි මත්ද්‍රව්‍ය වල වටිනාකම මෙතෙක් ගණන් බලා නැහැ.