Gossips

බ්‍රසීලය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය ඉදිරියට

1938 වසරෙන් පසු ප්‍රථම වතාවට ජර්මනිය පළමු වටයෙන්ම ඉවත්වීමත්, ආජන්ටිනාව සහ පෘතුගාලය ඊයේ පැවති කණ්ඩායම් දහසයේ තරගවලින් පරාජය ලැබීමත් නිසා, රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සැබෑ ලෙස ජයග්‍රහණය කළ හැකි කණ්ඩායම් සංඛ්‍යාව සීමාවී තිබෙනවා.
ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ හැකි මුල් පෙළේ රටවල් 3 ලෙස බ්‍රසීලය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය ඉදිරියට පැමිණ ඇති අතර, බෙල්ජියම, එංගලන්තය සහ ක්‍රොඒෂියාවටද ඒ සඳහා අවස්ථාවක් ඇති බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.