සිය පාලනය සමය තුළ සිදුවූ බව කියන මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් දොළොස් වසරක සිර දඬුවමක් විදින බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූයිස් ලූලා ඩා සිල්වා ඔක්තෝම්බර් 7 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස අද තෝරා පත් කර ගැනීමට නියමිතයි.
ඒ, ඔහුගේ පක්ෂය අද පවත්වන මහා සම්මේලනයේදියි. බ්‍රසීලයේ වාමාංශය නියෝජනය කරන ලූලා ඩා සිල්වා සමඟ අපේක්ෂකත්වය සඳහා තවත් කිහිප දෙනෙකුගේ නම් ඉදිරිපත් වී ඇති අතර, පාරිසරික ක්‍රියාකාරිනියක වන මරීනා සිල්වා ද ඊට අයත්.
කෙසේ නමුත්, 2003 සිට 2010 දක්වා බ්‍රසීලය පාලනය කළ ලූලා ඩා සිල්වා තවමත් ඉහළ ජනතා සහයෝගයක් හිමි කරගෙන සිටින බව විචාරකයන් පෙන්වා දෙනවා.