Gossips

බ්‍රසීලයේ – යපස් ආකරයක වේල්ල බිඳීයාමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

බ්‍රසීලයේ බෘමල්ඩිනෝ ප්‍රදේශයේ යපස් ආකරයකට සම්බන්ධ දැවැන්ත වේල්ලක් බිදී යාමෙන් මියගිය සංඛ්‍යාව 58 දක්වා ඉහළගොස් තිබෙනවා.
අතුරුදන්ව සිටි බවට සැළකුණු පුද්ගලයන් 192 කු ගේ දිවි බේරාගෙන ඇති අතර ඉන් 23 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් 300 කට අධික පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින අතර, ඔවුන් සොයා හෙලිකොප්ටර් යානා මෙන්ම ආරක්ෂක භටයින් දහසකට අධික පිරිසක් යොදවා තිබෙනවා.
අඩි 282 ක් උසින් යුත්, වසර 42 ක් පැරණි මෙම වේල්ල පසුගිය 25 වනදා බිදී ගියා.
මෙය බ්‍රසීල ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකයක් ලෙසයි සැළකෙන්නේ.