Gossips

බ්‍රසීලයේ පාපන්දු සමාජයක ගින්නකින් යොවුන් ක්‍රීඩකයන් දස දෙනෙකු ජීවිතක්ෂයට

බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ නුවර සුප්‍රකට ෆ්ලෙමින්ගෝ පාපන්දු සමාජයේ ක්‍රීඩක නේවාසිකාගාරයේ ඊයේ ඇති වූ ගින්නකින් යොවුන් ක්‍රීඩකයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
තවත් ක්‍රීඩකයන් 3 දෙනෙකු මෙහිදී තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ගින්න ඇතිවීමට හේතුව පිළිබදව පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.
කෙසේ නමුත්, බ්‍රසීල මාධ්‍ය ප්‍රකාශ කළේ රථ ගාලක් සඳහා අනුමැතිය ලැබූ ස්ථානයක මෙලෙස ක්‍රීඩක නේවාසිකාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.
වායු සමීකරණයකින් ගින්න ආරම්භ වූ බව තුවාල ලැබූ එක් ක්‍රීඩකයෙකු පවසා තිබෙනවා.