Gossips

බ්ලූමැන්ඩල් සංඛ ඇතුලූ පාතාලයේ තුන්දෙනෙකු තමිල්නාඩුවේදී අත්අඩංගුවට

මෙරට පාතාලයේ ප්‍රබලයෙකු සංඛ ශිරන්ත හෙවත් බ්ලූමැන්ඩල් සංඛ ඇතුලූ පාතාලයේ තුන්දනෙකු තමිල්නාඩුවේ රාමේෂ්වරන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හින්දු පුවත්පත ඇතුලූ ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලූවීමේ චෝදනාවට මුලින්ම මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පසුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී ශ්‍රී ලංකාවේ සිදුවූ අපරාධ රැසකට බ්ලූමැන්ඩල් සංඛ ඇතුලූ පිරිස සම්බන්ධ බවට තොරතුරු හෙළිවූ බවයි ඉන්දීය බලධාරීන් පවසා ඇත්තේ.
මෙහිදී අත්අඩංගුවට ගත් 23 හැවිරිදි මදූ සෆ්රාල් නැමති ඉන්දීය ජාතිකයා බ්ලූමැන්ඩල් සංඛගේ රියදුරා ලෙස කටයුතු කර තිබෙනවා.
අනෙක් පුද්ගලයා වන්නේ 22 හැවිරිදි රියාස් නැමැත්තෙක්.
වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තා 2018 වසරේ අවස්ථා කිහිපයකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුව වෙත ගොස් ඇති බවයි.
බ්ලූමැන්ඩල් සංඛ ඇතුලූ සැකකරුවන් තුන්දෙනා පිළිබඳ ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව තමිල්නාඩු ආරක්ෂක අංශ ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
පාතාල සාමාජික බ්ලූමැන්ඩල් සංඛගේ සමීපතමයෙකු හෙරොයින් සමඟ ආදුරුප්පුවීථිය – කොරියාවවත්ත ප්‍රදේශයේදී පොලීසිය පසුගිය මස 27 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.