Gossips

බළංගොඩදී සුනඛයෙකු අපයෝජනය කළ සැකකරුට අධිකරණය දුන් නියෝගය මෙන්න

බළංගොඩදී සුනඛයෙකු අපයෝජනය කළ සැකකරුට අධිකරණය දුන් නියෝගය මෙන්න "
බළංගොඩ ප්‍රදේශයේදී සුනඛයෙකු දුෂණය කළ සැකකරු එළඹෙන 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
සැකකරු ඊයේ බළංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.
මේ අතර සැකකරු මානසික රෝගයකින් පෙළෙනවා දැයි නිශ්චිතව දැන් ගැනීම සඳහා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා ඉහිදී වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.
පසුගිය 14 වෙනිදා බළංගොඩ මස්සැන්න ප්‍රදේශයේ දී මාස මාස තුනක් වයස සුනඛයකු දූෂණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
අදාළ දූෂණයට ලක්වූ සුනඛයා පසුව මියගොස් තිබෙනවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස චෝදනා එල්ලවී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකුටයි.
බළංගොඩ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.