එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අදත් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා.
ඊට පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක්ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද අද ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡා කර තිබුණා.
ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කියා සිටියේ කසාදය දික්කසාදයක් කර ගන්නා ආකාරයෙන් කටයුතු නොකිරීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම, පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවට වන මතය සම්බන්ධයෙන් එම පක්ෂයේ නියෝජිතයින් අදත් අදහස් පළ කළා.
අරලියගහ මන්දිරයට අද පැමිණ ඉන් පිටව යද්දී මාධ්‍ය වෙත අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ තවමත් බහුතරය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බවයි.
මහින්ද අමරවීර අමාත්‍යවරයා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.