Gossips

බහුතරය අගමැති මහින්දට බව සන්ධාන මහ ලේකම් කියයි

පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බහුතරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වාද අදහස් පළ කරමින් කියා සිටියේ බිහිවන නව ආණ්ඩුව වෙනුවෙන් කැබිනට් අමාත්‍ය ධුර පරිත්‍යාග කිරීමට වුවද සූදානම් බවයි.