Gossips

බහලුම් රථ සේවකයින් වර්ජනයක, අනධ්‍යයන වර්ජනයට දින 06යි

කොළඹ වරායේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන කන්ටේනර් රථ රියදුරන් හා සහයකයින් අද (05) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව සමස්ත ලංකා පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමය පවසනවා.
එහි ලේකම් බී.අයි. ආබ්දීන් සඳහන් කළේ ආනයනික භාණ්ඩ සහිත කන්ටේනර් පරීක්ෂා කිරීම සහ බර කිරුම් පෞද්ගලික අංශයට පැවරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.
මේ අතර, ඉල්ලීම් 05 ක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සිදුකරන වෘත්තිය ක්‍රියාමාර්ගයට අදට දින 06 ක් ගතවනවා.
සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් විසඳුමක් ලබාදී නොමැතිවීම හේතුවෙන් හෙට සියලු අනධ්‍යයන සේවකයින් කොළඹට කැඳවා ඇති බවයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ සඳහන් කළේ.