Gossips

බහරේනයේ ලාංකිකයෙකුට අයත් නිවසක් ගින්නකින් විනාශ වෙයි (ඡායාරූප)

බහරේන් රාජ්‍යයේ සනාද් ප්‍රදේශයේ ලාංකිකයෙකු පදිංචි නිවසක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශවී තිබෙනවා.
නිවෙස ගිනි ගන්නා අවස්ථාවේ නිවෙස් හිමියන් රාජකාරී කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර ගින්න පැතිරෙන තෙක් කිසිවෙකුත් ඒ පිළිබඳ දැන සිට නැහැ.
නිවෙස සහ එහි තිබු භාණ්ඩ ගින්නෙන් විනාශ වී ඇති අතර ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් අදාළ නිවසේ පිටුපස තාප්පයට පිටතින් කිසියම් අයෙක් කසල ගොඩකට ගිනි තබා ඇති අතර එය අසල වූ රට ඉඳි ගසකට ඇවිලීමෙන් එය නිවසට පැතිර යන්නට ඇති බවට සැක කෙරෙනවා.
ගින්න පැතිර යන විට අසල්වැසියන් එය දැක බහරේන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ගිනි නිවීම් රථ දෙකක් පැමිණ තිබෙනවා.
කෙසේවෙතත් ගින්න මැඩපැවැත්වීමට නොහැකිව තවත් ගිනි නිවීම් රථ 4 ක් ගෙන්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න නිවා දැමුව ද අදාළ නිවසේ තිබු සියලු බඩු භාහිරාදිය විනාශවී තිබෙනවා.