Gossips

බස් හිමියන් සියයට 10ක ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

ලබන සතියේ සිට සියයට 10කට වැඩියෙන් ගාස්තු වැඩි විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අවම බස් ගාස්තුව ද මේ අනුව ඉහළ යා යුතු බවයි.
ඉන්ධන මිල සංශෝදනය සහ වාර්ෂික බස් ගාස්තු සංශෝදනය සැලකිල්ලට ගනිමින් මෙම ගාස්තු වැඩිවීම සිදුවිය යුතු බවටයි පෞද්ගලික බස් සංගම් ප්‍රකාශකර ඇත්තේ.