Gossips

බස් සේවකයින් වැඩි පඩි ඉල්ලයි

බස් ගාස්තුව සියයට 12යි දශම 5 කින් ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟ බස්රථ රියදුරන්ගේ සහ රිය සහයකයින්ගේ වැටුප සියයට 10 කින් ඉහළ දැමිය යුතු බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් සුමිත්‍ර කුමාරදාස කුලියාපිටිය කියා සිටියේ ඉදිරි සති දෙක තුළ එලෙස වැටුප් වැඩි කිරිමක් සිදු නොකළහොත් දිවයින පුරා අඛණ්ඩ වර්ජනයක් සිදු කරන බවයි.
මේ අතර, සියයට 12යි දශම 5 කින් බස් ගාස්තුව ඉහළ දැමීම නිසා බස්රථ රියදුරන්ගේ සහ රිය සහයකයින්ගේ් වැටුප වැඩි කළ හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ එලෙස බස් රථ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බවයි.