Gossips

බස් සංගම් සහ ඇමති අතර හමුවක් අද

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර හමුවක් අද (19) පෙරවරු 10.30ට ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.
ඊට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය සහ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ද එක්වන බවයි එහි නියෝජිතයින් සඳහන් කළේ.
වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු නොකළහොත් ලබන 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද බස් සංගම් ඊයේ ප්‍රකාශ කර තිබුණා.