Gossips

බස් සංගම් අවම ගාස්තුව 15ක් ඉල්ලයි

ඉදිරි දින 7ක කාලය තුළ අවම බස් ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි කර, බස් ගාස්තුව සියයට 10කින් ඉහළ දැමිය යුතු අතර, එසේ නොමැති වුවහොත් එළඹෙන 24 වන දා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනය පවසනවා.
බස් සංගම් නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මේ බව සඳහන් කළා.
කෙසේ වෙතත්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ බස් ගාස්තු වැඩි කිරීම පිළිබදව අවසන් තීරණය ගත යුතු වන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් බවයි.