Gossips

බස් සංගම් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

නව දඩ පත්‍රිකාව විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට සැලසුම්කර ඇති වර්ජනයට තවත් ප්‍රවාහන සංගම් කිහිපයක් සහය පළ කර තිබෙනවා.
රජයේ ප්‍රගතිශීලි රියදුරු සංගමය, කොළඹ නගරාන්තර ත්‍රිරෝද රථ සංගමය, බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ රියදුරු සංගමය, ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සහ වරාය පෞද්ගලික බහාලූම් රථ සංගමය තම වර්ජනයට මෙලෙස සහය පළ කර ඇති බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක යූ.කේ. කුමාරරත්න රේණුක කියා සිටියේ.
කෙසේ වෙතත්, මෙම වර්ජනයට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුලු ප්‍රධාන පෙලේ බස් සංගම්වල සහාය හිමිවී නැහැ.
මේ අතර දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීරණයකට පැමිණෙන්නැයි දුම්රිය ගැටළු විසදීමට පත් කළ කමිටුවේ සභාපති, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමට ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසනවා.
කෙසේ වෙතත්, එම සාකච්ඡා ද අසාර්ථක වුවහොත් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ දුම්රිය වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබාදෙන බවයි අමාත්‍ය සරත් අමුණුගම දුම්රිය වෘත්තීය සමිති වෙත දැනුම් දී ඇත්තේ.
අදාළ තීරණය සම්බන්ධයෙන් අද (15) පෙරවරුවේ පැවැත්වෙන දුම්රිය වෘත්තීය සමිති විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.