Gossips

බස් රථ අනතුරකින් 4 කට තුවාල

හොරණ කලුතර ප්‍රධාන මාර්ගයේ බටගොඩ ප්‍රදේශයේදී සිදුවු බස් රථ අනතුරකින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඉදිරියෙන් පැමිණි යතුරුපැදියකට මාර්ගයේ ඉඩ දීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු ගොඩනැගිල්ලක ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මීගොඩ ප්‍රදේශයේ සිට කලුතර දක්වා වන්දනා ගමනක් ගොස් යළි පැමිණෙමින් තිබු බස් රථයක් මෙම අනතුරට ලක්ව තිබෙනවා.
තුවාලකරුවන් අතර බස් රථයේ කොන්දොස්තරවරයා ද වන බව සඳහන්.
අනතුර පිළිබඳ අගුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.