Gossips

බස් රථ අනතුරකින් 19 දෙනෙකු මරුට

මධ්‍යම පිලිපීනයේ මගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මැනිලා අගනුවර දක්වා ගමන් කරමින් සිටි මගී බස් රථය ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරට හේතුව බස් රථයේ කාර්මික දෝෂයක් ද නැතහොත් රියදුරුට නින්ද යාම ද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.