Gossips

බස් රථ අනතුරකින් දොළහකට තුවාල

හබරන – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න විදුලි උපපොළ අසළ දී පෞද්ගලික මගී බස් රථ දෙකක් ගැටී අද (06) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලැබුවා.
කොළඹ සිට තිරික්කෝවිල් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක, ඊට පිටුපසින් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන අතර, බරපතල තත්ත්වයේ පසුවූ පුද්ගලයින් 04 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හබරණ රෝහලේ සිට දඹුල්ල හා පොළොන්නරුව රෝහල් වෙත මාරු කර යවා තිබෙනවා.