Gossips

බස් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 25 කට තුවාල (ඡායාරූප)

අලව්ව කපුවරල ප්‍රදේශයේදී අද (13) සවස බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර ඇති බව පොලිසිය පවසනවා.
තුවාල ලැබූ පුද්ගලයින් අලව්ව රෝහලේ දැනට ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරින් මියගිය පුද්ගලයා 60 හැවිරිදී වියේ පසුවූ පුද්ගලයෙකු බව බව සඳහන්.
කදුරුවෙල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් බස් රථ දෙකම මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් අනතුර සිදුව තිබෙනවා.
අලව්ව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.