Gossips

බස් රථවලින් කප්පම් ගන්නා කල්ලි ගැන සොයන්නැයි, ජනපතිගෙන් පොලීසියට උපදෙස්

තම දේශපාලන ජීවිතය තුළ වැරදිකරුවන් පිළිබඳව කතා කිරීමට තමා කිසිදු පොලිස් ස්ථානයකට දුරකථන ඇමතුම් ලබාදී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
එමෙන්ම විෂය භාර අමාත්‍යවරයා ලෙස තම අපේක්ෂාව සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක වන පොලිස් සේවාවක් ඇති කිරීම බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ශ්‍රී ලංකා පොලීසියේ ඉදිරි ක්‍රියාකාරීත්වය සහ අභියෝග පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම, මෑතක සිට දුර බැහැර බස් රථවල සිදුවන කප්පම් ලබා ගැනීම් පිළිබඳ ලැබෙන වාර්තා සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා ඒ පිළිබදව කඩිනමින් අවධානය යොමු කර ඊට අදාළ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට ද පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.