Gossips

බස් රථයක යමින් සිටි පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට

හම්බන්තොට – මිරිජ්ජවිල මංසන්ධියේ අද (26) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මාතර සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක සිටි පුද්ගලයෙකුට එහි සිටි තවත් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මියගිය පුද්ගලයා මිනීමැරුම් නඩුවක සැකකරුවෙකු වන අතර, ඔහුගේ බිරිඳ සමග තංගල්ල මහාධිකරණයේ අද (26) පැවති නඩු විභාගයට සහභාගි වී සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත නැවත යමින් සිටියදි මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පසුව මෝටර් රථයක නැග පලාගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.